එච්එන්ඩීඒ සිසු විරෝධතාව ශ්‍රී ලංකා පොලිසිය විසින් විසිරැවූ ආකාරය ගැන ලොකු කතිකාවතක් ගොඩ නැගී ඇත. ඒ ජනමාධ්‍ය එය නියම අකාරයට වාර්තා කළ නිසාය. විරෝධතාවය විසිරුවද්දී කඳුළු ගෑස් වැදුණු සිසිවියක ඇස් සේදීමට යද්දී පොලිසියෙන් අමානුශික ලෙස පහර දෙන අයුරු විරෝධතාවය වාර්තා කිරීමට ගිය ලංකාදීප ඡායාරූප මාධ්‍යවේදී ලහිරු හර්ෂණ ඡායාරූප ගත කළේය. එය එදිනම ලංකාදීප වෙබ් අඩවියේ හා පසුදින ලංකාදීප පුවත්පතේ පළ විය. 

සිද්ධියට පසු දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (දැන් වැඩ බලන පොලිස්පති) පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි දී කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මාධ්යායට (විශේෂයෙන් ලංකාදීපයට) චෝදනා කළේ එම ඡායාරූපය උපක්‍රමශීලීව ලබාගත් ඡායාරූපයක් බවයි. එය ඵළ කිරීම මගින් පොලිසිය කෙරෙයි ද්වේශයක් ඇති කිරීමට උත්සාහ කළ බව ඔහු කීවේය. එතැන තමා සිටි බවත්, එතැන වූයේ වැටුණු සිසුවියක නැගිටුවමීට පොලිසිය ගත් උත්සාහයක් බවත්, තමා එතැන සිටි බව හා එය දුටු බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් චම්පික සිරිවර්ධන කීවේය.

සිරිවර්ධන දැක එත්තේ ලංකාදීපයේ පළ වූ එක් ඡායාරූපයක් පමණි. එම සිසුවියට පහර දෙන අයුරුද, පහරකෑම් මධ්‍යයයේ ඇය බිම ඇද වැටෙන අයුරු ද, බිම ඇද වැටුණු පසු ද හිසට බැටන් පොල්ලෙන් පහර දෙන අයුරුදු සහිත ඡායාරූප 39ක් පමණ ලංකාදීප වෙබ් අඩවියේ පළ කළේය. ශිෂ්‍යාවට පහර දෙන අයුරු එහි පැහැදිලිවම සදහන් විය.

ශිෂ්‍යාවට ප්‍රසිද්ධ ස්ථානයක දී එලෙස පහර දීම වධහිංසාවකි. කෘර අමානුෂික හා අවමන් සහගත සැලකීමකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 11 වැනි ව්‍යවස්ථාව අනුව සෑම පුරවැසිකුම වධහිංසාවලට හෝ කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතුය. ඒ අනුව සිසුවියට එලෙස සැලකීම ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය උල්ලංඝණය කිරීමකි.

එපමණක් නොව 1994 අංක 22 දරන වධදීමට සහ අනිකුත් කෘර, අමානුශික හෝ නින්දිත සැළකීමකට හෝ දඩුවමකට එරෙහි වූ සම්මුතිය පනත යටතට ගැනෙන වරදකි. 
එම ස්ථානයේ පොලිස් නිලධාරීන් භාරව කටයුතු කළේ එම චම්පික සිරිවර්ධනය. එම සිද්ධිව වන අවස්ථාවේ තමා එතැන සිටි බවත්, එය දුටු බවත් චම්පික සිරිවර්ධන පිළි ගනී. සිසුවියට පහර දෙද්දී එය වරදක් නිසා පොලිස් ප්‍රධානියා කළ යුත්තේ එය වැලැක්වීමයි. එය දැක දැකම නිශ්ෂබ්දව සිටීමෙන් එම පහරදීම අනුමත කරන බවක් සෙසු නිලධාරීන්ට වැටහීමට පුළුවන. මෙ අපරාධයක් වැලැක්වීමට කටයුතු නොකිරීමක් පමණක් නොව අපරාධයක් සිදු කිරීඹට ආධාර අනුබල දීමකි. 

පෙර සදහන් කළ පනත යටතේ පහර දෙන පොලිස් නිලධාරියාට පමණක් නොව ඊට අනුබල දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධනට ද නඩු පැවරිය යුතුය. 
එම පනතේ 4 වැනි වගන්තිය අනුව පනත යටතේ මහාධිකරණ නඩු විභාගයකින් පසුව වැරදිකරු වුවහොත් අවුරුදු හතකට නොඅඩු හා අවුරුදු 10කට නොවැඩි කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයකින් බන්ධනාගාර ගත කරනු ලැබීමට සහ රුපියල් දස දහසකට නොඅඩු සහ රුපියල් පනස් දහසකයට නොවැඩි දඩයකට යටත් විය යුතුය. එම පනත යටතේ ගැනෙන වැරදි 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්රටහ පනතේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා සංශය වරදක් සහ ඇපදිය නොහැකි වරදක් ය. 
ආණ්ඩුක්ර ම ව්‍යවවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ ම 14 වැනි ව්‍යවස්ථාව අනුව සෑම පුද්ගලයකුට ම භාෂණයේ හා අදහස් ප්ර්කාශ කිරීම ඇතුළු ප්රැකාශනයේ නිදහස ඇත්තේය. 


සිසුවියට පොලිසියෙන් පහර දෙන අයුරු වාර්තා කළ මාධ්‍යවේදීන්ට දෝෂාරෝපනය කිරීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උත්සාහ කරනුයේ කැම්පස් ළමයින්ට පහර දී මට්ටු කිරීමට උත්සාහ කළා සේම මාධ්‍යවේදීන් කටින් බය කර මට්ටු කිරීමට උත්සාහ කිරීමද?
ඡායාරූප ලහිරු හර්ෂණ

Post a Comment

 
Top