Latest News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් 2006 නොවැම්බර 10 වැනි දා මාතා පාර අසල දී ඝාතනය කළ කණ්ඩායම පත් කර තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල් 43554 විජේවික්‍රම මනම්පේරිගේ සම්පත් ප්‍රීති විරාජ් රහස් පොලිසියට ප්‍රකාශයක් දෙමින් කියා ඇත.
ඔහු එම ප්‍රකාශය අධිකරණයේ දී ද පිළිගත්තේය.
රවිරාජ් ඝාතනය කළේ නාවික හමුදාවේ ගංගාරමය අසල ලොන්ඩරිය වත්ත තෙමහල් නිවසක පවත්වාගෙන ගිය නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් බව ද ඔහු කියා තිබේ.
 රවිරාජ් ඝාතකයා යතුරු පැදියේ දමාගෙන ගියේ තමා බවත්, මීට පෙර විමර්ශනවල දී සත්‍ය තොරතුරු හෙළි නොකළේ ඒ දිනවල තොරතුරු දෙන අය මරා දමන නිසා බවත් පොලිස් කොස්තාපල් කියා ඇත.

ඝාතන සිද්ධියට සම්බන්ධ සහ එය සැලසුම් කළ නාවික හමුදා බුද්ධි සාමාජිකයන්ගේ නම් ද ඔහු හෙළි කර තිබේ.

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top