Latest News

 2015 ජනවාරි අට වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේනට බලය ඒමට ඉඩ නොදී දිගටම බලයේ රැඳී සිටීමට රාජපක්ෂ රෙජීමය කුමන්ත්‍රණය කළ බව ඒ දිනවල ජනමාධ්‍යවල පුවත් මැවීය.
යහපාලනයේ බොහෝ දේශපාලනඥයන්ගේ මුවග තිබුණේ ජනවාරි අට කුමන්ත්‍රණය ගැනය.
මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මංගල සමරවීර රහස් පොලිසියට ද පැමිණිලි කළේය. රහස් පොලිසිය ද කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.
මෛත්‍රීපාල සිරිසේන ජනපති වී වසරක් සපිරෙද්දී එම කුමන්ත්‍රණය ගැන කිසිවකු කතා නැත. එය කිසිවකුට මතක නැත. පැමිණිල්ල කළ මංගලට ද මතක ඇති බවත් පෙනෙන්නට නැත.
ජනවාරි අට ඇත්තටම කුමන්ත්‍රණයක් සිදුවූවාද? එසේනම් ඊට දායකවූවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි? මෛත්‍රී-රනිල්-මහින්ද ගනුදෙනුවේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස එම සිද්ධිය යටපත් වුණාද?

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top