ජනමාධ්‍යයට එල්ල වන බලපෑම් ගැන රාජපක්ෂ
රජය සමයේ එජාපය කෑමොර දුන්නේය. දැන් එජාපයට එය මතකවත් නැත. ජනමාධ්‍ය ඇමති ගයන්ත
කරුණාතිලක වත්මන් ආණ්ඩුව යටතේ මාධ්‍යයට එන බලපෑම් හෙළා දකින්නටද මැලි වෙයි. හෙළා
දකිනවා කියන වචනය පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ගත්තේ බලහත්කාරයෙන් මෙනි. ඔවුන්
කියනා එකම කතාව දැන් සුදු වෑන් නැති බව පමණි. සුදු වෑන් නැති පමණින් මාධ්‍යයට
බලපෑම් කිරීමට ආණ්ඩුවට ලයිසන් නැත.
‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදියකු වන අමිත් මදුරංග
ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලට දුරකතන ඇමතුමක් ගෙන තිබුණේ ඇමතිවරයා යැවූ බව කියන ලිපියක් ගැන විමසීමටය. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු
ලෙස බදවා ගන්නා ලෙස එක්තරා පුද්ගලයකුගේ නමක් යැවීයැයි කියන සිද්ධියක් ඊට මුල් විය.
එම ලිපියේ ඇමතිවරයාගේ නිල මුද්‍රාව නැති බවත්, එය ව්‍යාජ ලිපියක් බවත් කතාවක්
යද්දි අමිත් ඇමතිවරයාට දුරකතන ඇමතුමක් ගෙන ඇසුවේ ‘එවැනි ලිපියක් යැව්වාද ‘ කියා
පමණි. ඊට හේතුව ඇමතිවරයා එවැනි ලිපියක් යවා නැතැයි පැතිර ගිය ආරංචි නිසා එම ලිපිය
ඇමතිවරයාම යැවූ ලිපියක්දැයි සැක හැර දැන ගැනීමට පමණක් නොව අපක්ෂපාතී සමබර
වාර්තාකරණයක් සදහාය.
බොහෝ ජනමාධ්‍ය කිරිඇල්ලගේ ප්‍රකාශවලට තැනක් නොදී
වාර්තා කරද්දී අමිත් සමබර වාර්තාකරණයක් සදහා ඇමතිවරයාගෙන් කරුණු විමසීමට උත්සාහ
කළේය. ඒ කෙරෙහි කිපුණු උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති කිරිඇල්ල, මාධ්‍යවේදියාට බැණ වැදුනේ යන්නේ කොහෙද මල්ලේ
පොල් වැනි උත්තර දෙමිනි. අමිත් ඇසුවේ ‘ඇමතිතුමා ඇයි මෙහෙම ලිපියක් යැව්වේ කියා‘ හෝ
‘මෙහෙම ලිපියක් යැවීමට ඇමතිතුමටා බලයක් තියෙනවාද?‘ කියා නොවේ.
ඇමති දිගින් දිගටම මාධ්‍යවේදියාගෙන් ඇසුවේ ‘තමුසේ
විශ්ව විද්‍යාල පනත කියවා තිබෙනවාද?‘ කියාය. ඇමති මෙන්ම ඇතැම් මාධ්‍යවේදීහු ද මෙම සිද්ධියෙන් පසු
වල්ගය පාගාගෙන ජනමාධ්‍යවේදීන් ‘හෝම් වර්ක්ස්‘ කළ යුතු බව කීහ. සැබෑය. ජනමාධ්‍යවේදීන්
අවශ්‍ය තරමට දැනුමෙන් සන්නද්ධ විය යුතුය. නමුත් එය මෙතැනට අදාළ නැත. අමිත් ඇසුවේ
මෙහෙම ලිපියක් යැව්වාද කියා පමණි.
ඇමති බැණගෙන යද්දී පෑන අධෝමුඛයේ (ඔහු භාවිත කළේ
වෙනත් වචනයකි) ගසා ගත් මාධ්‍යවේදීන් ලෙස ජනමාධ්‍යවේදීන්ට අපහාස කළේය. සමබර
වාර්තාකරණයක් සදහා චෝදනා ලබන පුද්ගලයාගෙන් කරුණු විමසද්දී ඔවුන් හැසිරෙන්නේ මෙලෙස
නම් ඒකපාර්ශවික වාර්තා කරණයන් කරන බව පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා මාධ්‍යවේදීන්ට චෝදනා කර පළක් නැත.
ඇමතිවරයාගේ හැසිරීම පුවත්පත්වල මුල්පිටුවල පළ විය
යුතු පුවතක් වුවද එය එසේ වූයේ නැත. ඇමතිගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් මාධ්‍ය
නිවේදනයක් හෝ නිකුත් කර තිබුණේ එක් ජනමාධ්‍ය සංවිධානයක් පමණි. සෙසු සංවිධාන මුණිවත රැක්කාහ. එපමණක් නොව ඇමැත් මාධ්‍යවේදීහු
මුහුණු පොත පුරා ඇමතිවරයා සාධාරණීකරණය කිරීමට උත්සාහ කළහ.
ඔවුහුද ඇමති ගිය අඩිපාරේම යමින් ප්‍රශ්නය සිතා
මතා (එසේ නැතිනම් සත්‍ය තත්ත්වය වටහා ගැනීමට තරම් නුවණක් නැතිව) මග හැරියෝය.
ඇමතිගේ ක්‍රියාකලාපය ගැන ඉන් පසු මාධ්‍ය හමු දෙකකදී පමණ සාකච්ඡා වුවද එම මාධ්‍යවේදියා
සේවය කරන පුවත්පතේ පවා ඒවා පළ වූයේ නැත. අඩු තරමේ ඒ ගැන කතුවැකියන්හෝ පළ වූයේ නැත.
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා
එක්නැලිගොඩට අධිකරණ භූමියේදී තර්ජනය කළැයි කියන සිද්ධියෙන් පසු මාධ්‍ය හැසිරුණු
ආකාරය ද එලෙසමය.
එක්නැලිගොඩ අතුරුදන් වන විට ඔහු සතුව ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජනමාධ්‍ය හැදුනුම්පත තිබිණි. සියරට පුවත්පතේ කතුවරයකු
වූ එක්නැලිගොඩ කළක් ලේක්හවුසියේ ද සේවය කළේය. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් දැන් කතා
කරන ගම්මන්පිලලා වැනි දේශපාලකයන් එක්නැලිගොඩ සම්බන්ධයෙන් කතා කළ දෙයක් නැත. ඔවුන්
දැන් පෙනී සිටිනුයේ එක්නැලිගොඩ ඝාතන සැකකරුවන් වෙනුවෙන්ය.
එක්නැලිගොඩ බිරියට තර්ජනය කළැයි කියන සිද්ධිය ගැන
ප්‍රධාන පෙළේ පුවත්පත්වල කතුවැකි පළ වූයේ නැත. ජනමාධ්‍යවේදීන් ෆේස්බුක්හි සටහන්
තැබුවේ නැත. කර්තෘ සංසදය නඩු දැම්මේ නැත.
එකක් පැහැදිලිය. ජනමාධ්‍යවේදීන්ට ඇස් ඇරෙන්නේ
තමන්ට කෙළ වූ විටය.
Post a Comment