ලංකාවේ විදුහල්පතිවරුන් ගැන ඕනෑ තරම් කතා අප අසා ඇත. හොරකමේ , අල්ලසේ සිට ළමා අපචාර දක්වා කතා ඒ අතර ඇත. විදුහල්පතිවරයකු මෑතකාලයේ කළා අසික්ඛිතම ක්‍රියාව ගැන අසන්නට ලැබුණේ අදය.  

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක වූ සුසිලා හේරත් මහත්මිය දණ ගස්වා තර්ජනය කළැයි වැරදිකරු වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර අද එම පාසලේ ම නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා තිබිණි.


එම පාසලට යළි යෑමට තරම් ලජ්ජාවක් ආනන්ද සරත් කුමාරට තිබුණේදැයි ප්‍රශ්න කිරීමට අවශ්‍ය නැත. මන්ද දේශපාලනඥයන් බහුතරයකට ලැජ්ජා නැතිකම් උපන් ගෙයි ලක්ෂණයක් බැවිනි. 

එසේ වුවද රාජ්‍ය නිලධාරියකු මෙන්ම ගුරුවරයකු ද වන විදුහල්පති ද දේශපාලනඥයන්ටත් වඩා පහළට වැටෙනවා නම් කවර කතාද? නවගත්තේගම නවෝද්‍යා පාසලේ විදුහල්පතිවරයා එම දේශපාලනඥයාට පාසලට කැඳවාගෙන ගොස් තිබුණේ නිකම්ම නොව තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගෙනය.

එම පාසලේම ගුරුවරියක දණ ගස්වා අධිකරණයෙන් වැරදිකරු වූ දේශපාලනඥයකු උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වුයේ විදුහල්පති රෙදි ඇඳගෙනදැයි යන්න ප්‍රශ්නයකි. මෙවැනි දේශපාලනඥයන් පාසලට ගෙන්වා ළමයින්ට දෙන ආදර්ශය කුමක්ද? 

ආනන්ද සරත් කුමාර දැන් ක්‍රියාකාරී දේශපාලනයේ ද නැත. කලින් පළාත් සභා මන්ත්‍රීවරයකු වුවත් සුසිලා හේරත් ගුරු මහත්මිය දැනගැස්සවීමේ සිද්ධියෙන් පසු සමාජයෙන් එල්ල වූ බලවත් විරෝධය හමුවේ ඔහුට පළාත් සභා මැතිවරණයට නාමයෝජනා නොලැබිණි.

දැනගන්නට ඇති පරිදි ආනන්ද සරත් කුමාර දැන් මෛත්‍රීවාදියෙකි.

ගුරුවරියක දණ ගැස්වූ මජර දේශපාලනඥයකු ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වූ විදුහල්පතිට දඬුවම් කළ යුත්තේ මඩු වලිගයිකන් තලා ද ? අසූචි ගසාද? 

Post a Comment

 
Top