මහින්ද කුරුණෑගලින්, ගෝඨා ගම්පහින්, නාමල් හම්බන්තොටින්, චමල්/ බැසිල් ජාතික ලැයිස්තුවෙන්.... A+ A- Print Email මහ ඡන්දයේ පළමු වෙඩි මුරය පත්තු විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා තිබුණේ ඉදිරි මහ මැතිවරණයේ දී තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවයි. ඉතිහාසයේ තරඟකාරීම, භයානකම හා අවිනිශ්චිතම මැතිවරණය වූ පසුගිය ජනාධිපතිවරණය මෙන්ම මෙවර මැතිවරණය ද ඇත්තේ තරමක් අවිනිශ්චිත තත්ත්වයකය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්තගේ නිවේදනය අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දෙන බව කියා තිබුණත් සන්ධානයේ මැතිවරණය මෙහෙයවීම හෝ අගමැති අපේක්ෂක කම දෙන බවක් එහි නොතිබූ බව මීට පෙරද ඉදිරිපත් කළෙමු. දැනගන්නට ඇති පරිදි පවුල් පාලනයක් රජ කරන්නට උත්සාහ දරණ තත්ත්වයක හිටපු ජනපතිගේ සහෝදරයන් වන ගෝඨාභය රාජපක්ෂට හා බැසිල් රාජපක්ෂට නාමයෝජනා ලබා දීම මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ පාර්ශ්වය ප්‍රතික්ෂේප කර තිබේ. එසේම ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා වැනි පිරිසකට ද නාමයෝජනා දීම පිතික්ෂේප කර ඇත. දෙපිරිසම එකම නාමයෝජනා ලැයිස්තුවකින් ඉදිරිපත් වන්නේ නම් සියයට 50 බැගින් දෙපිරිසේම නියෝජිතයනට නාමයෝජනා ලබා දිය යුතුය. මහින්ද පාර්ශ්වය ඉදිරිපත් කරන ඉහත නම්වලට මෛත්‍රී පාර්ශ්වය අවස්ථාව ලබා නොදේ නම් දෙපාරිස අතර දීගයක් යතියි කිසි සේත් සිතිය නොහැකිය. සුසිල් ප්‍රේමජයන්ත ලවා සන්ධානයේ බලය තමන් සතු කර ගැනීමට මහින්ද පාර්ශ්වය වලි කති. සුසිල් කෙලින් තබා ගැනීමට මෛත්‍රී පාර්ශ්වය උත්සාහ කරති. දැනටම් සුසිල් සහ අනුර ප්‍රියදර්ශන සිටින්නේ මහින්ද පාර්ශ්වයේය. සුසිල් ලවා සන්ධාන බලය ඇල්ලුවහොත් මහින්ද පාර්ශ්වය සන්ධානයෙන් තරග කරනු ඇත. එවිට මෛත්‍රී පාර්ශ්වය ශ්‍රීලනිපයෙන් හෝ වෙනත් පක්ෂයකින් තරග කරනු ඇත. සුසිල් සහ අනුර කරන උදව්ව වෙනුවෙන් මහින්ද පාර්ශ්වය ඒ දෙදෙනාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමට ගිවිස්ම්ගත වනු ඇතැයි දැනගන්නට තිබේ. බැරිවෙලාවත් සුසිල් අවසාන මොහොතේ පස්ස ගැසුවහොත් මහින්ද ඇතුළු පිරිස වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වීමට මේ වන විටත් පිඹුරුපත් සකසා අවසානය. ඒ වෙනුවෙන් වෙනම නාමයෝජනා පත්‍ර සකස් කර තිබේ. ඔවුන්ගේ ලැයිස්තුවෙන් හිටපු ඇමැති බැසිල් ගම්පහට දැමීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද බැසිල් ජාතික ලැයිස්තුවෙන් ඒමට නියමිත බව ද වාර්තා වේ. ඊට හේතුව බැසිල්ට වඩා වැඩි ඡන්ද ගණනක් ගම්පහින් ප්‍රසන්න රණතුංග ලබා ගනිතියි සැක කරන නිසාය. එසේ වුවහොත් බැසිල් ‘සෙකන්ඩ්‘ වෙන බව රාජපක්ෂ වරුන්ගේ අදහසයි. ප්‍රසන්න පරදා ගම්පහ රාජපක්ෂ කෙනකු රජ කරවන්නට ඔවුන්ගේ ඊළඟ තුරුම්පුව ගෝඨාය. ගෝඨාට රට බේරාගත් වීරයා ලේබලය අලවා ගම්පහෙන් සෑහෙන ඡන්ද ප්‍රමාණයක් කාඩාගෙන ගම්පහ ලැයිස්තුවේ මුලට ඒම ඔවුන්ගේ උවමනාවයි. මහින්ද කුරුණෑගලින්ද, ගෝඨාභය ගම්පහින්ද, නාමල් හම්බන්තොටින්ද, බැසිල් හා චමල් ජාතික ලැයිස්තුවෙන් ද ඉදිරිපත් වනු ඇතැයි දැනගන්නට තිබේ. මෙය නැවත පවුල් පාලනයක ඇරැඹුම වේද???
Post a Comment