‘අපරාධයක් කරලා කවදාවත් හැංගිලා ඉන්න බෑ. කොච්චර ට්‍රයි කළත් සාක්කි විනාශ කරන්නත් බෑ. පොඩි සාක්කියක් හරි ඉතුරු වෙනවා මල්ලි.‘ 2012 අවුරුද්දේ දවසක මහෙමෙ කිව්වේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන. 
විස්තර වාගයක් ගැනීමට පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය මා යන විට වාස් ගුණවර්ධන එයාගේ මේසේ උඩ ලැප්ටොප් එකක් තියාගෙන මිනී මැරුමක ෆොටෝ බලනවා. මං ඇහුවා මොකෝ ආයෙත් මිනී මැරුමක්ද කියලා. 
‘‘නෑ නෑ මේ අවුරුදු හතකට කළින් කේස් එකක්. ත්‍රිපල් මර්ඩර් එකක්. තවම කවුරුත් ඇරෙස්ට් කරලා නෑ. වැඩේ ගොඩදාන්නයි බැලුවේ.‘ කියලා වාස් ගුණවර්ධන කිව්වා.
‘දැන් අවුරුදු හයක්නේ. කොහේ ඔව්වා හොයන්නද?‘ කියලා මං අහද්දි වාස් කිව්වේ අපරාධයක් කරලා කවදාවත් හැංගිලා ඉන්න බෑ. කොච්චර ට්‍රයි කළත් සාක්කි විනාශ කරන්නත් බෑ. පොඩි සාක්කියක් හරි ඉතුරු වෙනවා මල්ලි.‘ කියලයි. එහෙම කියපු වාස් ගුණවර්ධන දැන් ඉන්නේ එල්ලුම් ගහට නියම වෙලා. වාස් ගුණවර්ධනගේ තියරිය ඇත්ත කියලා වාස්ගෙන්ම ඔප්පු වුණා. 
දැන් අනුර සේනානායක. මහින්ද රාජපක්ෂ රජය සමයේ ජනප්‍රිය චරිතයක්. මහින්දගේ කාලෙට පෙර දක්ෂ පොලිස් නිලධාරියෙක්. වාස් වගේම හොඳ අපරාධ පරීක්ෂකයෙක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ආණ්ඩුවේ කුලී හේවායෙක්. නිල නොවන පොලිස්පති වුණෙත් එයාම තමයි.
දර්ගා ටවුන් සිද්ධියටත් මෙයා වග කිව යුතුයි කියා ඒ දවස්වල චෝදනා එල්ල වුණා. ඒ ගැන ඉන්ටර්විව් එකක් ගන්න මෙයාට කතා කළාම කිව්වේ පොලිස්පති එන් කේ ඉලංගකෝන් එයාට අවසර දෙන්නේ නෑ කියලයි. ඉන් පස්සේ මෙයා දවසක් කතා කළා. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකැාශකගෙන් නොම්මරය ඉල්ලගෙනයි කතා කළේ. පොලිසිය සැකකරුවන් මරණ එක ගැන නීතිඥ ප්‍රතිභා මහානාම හේවාගෙන් ඉන්ටර්විව් එකක් අරගෙන දාපු එකකට මළ පැණලයි මෙයා කතා කළේ. ඉයා කිව්වේ ප්‍රතිභා කියන්නේ බොරු කියලයි. අවම බලේ කියලා එකක් නෑ කියලා මෙයා තර්ක කළා. මං කිව්වා හරි ඔයා කියන කතාව දාන්න ඉන්ටර්විව් එකක් දෙන්න කියලා. ඒ වෙලාවෙත් මෙයා මග ඇරියා. 
ඉන් පස්සේ නැවතත් පත්තරේ වෙනත් කෙනකු ලිව්ව එකක් සම්බන්ධයෙන් අහන්න කතා කළා. ඒ වෙලාවෙත් එයාගේ ඉන්ටර්විව් එකක් දෙන්න කිව්වාම මග හැරියා. 
2015 ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළා. අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ හමුවක් තිබුණා. බිගුන් අයියා, මම සහ තවත් කිහිප දෙනෙක් එතැනට ගියා. මම කිය කියා ගියේ අනුර සේනානායකට දැන් මොනවා හිතෙනවා ඇත්ද කියලයි. අන්තිමට අනුරලත් බලු වුණා කියලයි. ඒ එක්කම බිගුන් අයියා පොඩි ඉඟියක් දුන්නා කට පියා ගන්න කියලා. පස්සේ බලද්දි එහා පැත්තේ අනුර සේනානායක. ඇත්තටම ඔහුගේ මුහුණෙන් පෙනුනේ බලු වුණ සේයාවක්.
ඉන් පස්සේ මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ අනුර ෆැන්ෂන් යනවා කියලා ආරංචි වෙලා කෝල් කළාම කිව්වා ෆැන්ෂන් ගියාම අනිවාර්යයෙන් ඉන්ටර්විව් එකක් දෙනවා කියලා. ෆැන්ෂන් ගියාට පස්සේ කතා කළාම ඉන්ටර්විව් එකට දිනයක් වෙලාවක් දාගත්තා. එදා උදේ කතා කළාම කිව්වා අද හදිසි ගමණක් යනවා වෙන දවසක් දෙන්නම් කියලා. ඉන් පස්සේ මෙයා මගේ ෆෝන් එකට ආන්සර් කළෙත් නෑ.
රහස් පොලිසිය අනුර සේනානායකගෙන් දෙවැනියට ප්‍රශ්න කළ දවසට උදේ ආරංචි වුණා පහුවදාත් ඔහු ගෙන්වනවා කියලා. නිකමට කියලා බිගුන් අයියත් ඉන්න තැන මෙයාට කොල් එකක් ගත්තා. ඇහුවාම කිව්වේ ඕවා බොරු කතා කයලයි. කොහොම වුණත් අනුර සේනානායකත් අද ඉන්නේ කූඩුවේ.
වාස් ගුණවර්ධනගේ තියරිය ඇත්ත කියලා අනුර සේනානායකත් සනාථ කළා.
 එදා මුළු පොලිසියම හොල්ලාගෙන හිටපු, ආණ්ඩුවේ කුලී හේවායෙක් විදියට වැඩ කළ අනුර සේනානායක අදනම් ඇත්තටම බලු වෙලා. සිය ගණනකගේ අතට මාංචු දාපු අනුර සේනානායකගේ අතටත් මාංචු වැටිලා. 
 දේශපාලකයන්ට කඩේ යන්න ගිහින් අනුර සේනානායක කූඩුවට ගියා. 
උප පොලිස් පරීක්ෂකයෙක් ලෙස පොලිසියට එක්වී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා යන එක ඉතා අපහසුයි. එය හීනයක්ම තමයි. හැබැයි අනුර සේනානායක උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට ඇවිත් පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක විදියට පොලිස් ස්ථාන ගණනාවක සේවය කරලා ඉන් පසු සහකාර පොලිස් අධිකාරී. පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු ලෙස සේවය කර සේවා දිගු තුනක් ලබා විශ්‍රාම යන්නත් වාසනාව ලැබුවා. 
ඔහුගේ අවාසනාවට හිටියේ දේශපාලකයන්ට කඩේ ගිය එකස තමයි. මෙය අනිත් පොලිස් නිලධාරීන්ටත් හොඳ ආදර්ශයක්.

එදා කතාව - 

තාජුඩීන් ඝාතනය රිය අනතුරක් කළේ අනුර සේනානායකද?

ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි

Post a Comment

 
Top