තමුන්වාන්සෙලා මතක තියා ගන්න 29 වතාවක් එපා.. තෝ අපට එපා.. කියලා මහජනතා ප්‍රතික්ෂේප කළ තක්කඩියාව ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන. මම අහනවා තමුන්වාන්සේලාගෙන් එයා මොකක්ද අපිට කියන්නේ? එපා අපට කියන්නේ මොකක්ද? ජාතික ආණ්ඩුවක්. අපි අහනවා ජාතික ආණ්ඩුවක් හදන්නේ ආච්චිට හාල් ගරන්නද? ආච්චිට හාල් ගරන්නද?‘ - බද්දේගම සමිත හිමි

බද්දේගම සමිත හාමුදුරුවො යටි ගිරියෙන් කෑ ගහගෙන එහෙම වැදෑරුවේ ‘මහින්ද සමඟ නැගිටිමු‘ මාතර රැලියේදි. හාමුදුරුවොත් මහින්දත් එක්කම වැටිලා වගේ ඉන්නේ. ඒකනේ නැගිටින්න හදන්නේ. මහින්දත් එක්ක බුදිය ගත්ත අයත් ඉන්නවද දන්නේ නැහැ නැගිටින්න හදන්නේ. (මේ කිව්වේ මාලනී ෆොන්සේකා, පවිත්‍රා වන්නිආරච්චි, ගීතා කුමාරසිංහ, පබා ගැන කියලා වැරදියට වටහා ගන්න නම් එපා..)
නැගිටින වැඩේ හරියට කරනවද බලන්න මහින්දත් ඇවිත් මාතර කොටු පවුර උඩට නැග්ගා. මිනිස්සු අතර හිර වුණු හිරවිල්ල දැක්කාම නම් දුකත් හිතෙනවා. තත්ත්පර පහක් විතර අත වනලා ආයේ යන්න ගියා. සටේජ් එකේ හිටපු එකක් කියනවා ඇහුණා මහින්දගේ සුවඳ රට පුරා හමා යනවා කියලා. (ජීවන සුවඳද, අරක්කු සුවඳද, මළපහ සුවඳද දන්නේ නෑ)
බද්දේගම සමිත හාමුදුරුවන්ට එකක් කියන්න අමතක වුණා. රනිල් 29 වතාවක් පරාද වුණේ ජනාධිපති වෙලා ඉඳලා නෙමෙයිනේ.. අවුරුදු නමයක් ජනාධිපති වෙලා හිටපු මිනිහව මිනිස්සු ගෙදර යැව්වේ මොකටද කියලා හාමුදුරුවො කල්පනා කරලා නෑ. අවුරුදු නවයක් හිටපු මිනිහා ගෙදර යැව්වාම ආයේ නැගිට්ටන්න හදන්නේ අහවල් එහෙකටද හාමුදුරුවනේ..?
ජේ ආර්ටත් මතක් වුණු ‘නහී වේරේන වේරානී‘ ඝාතාව හාමුදුරුවන්ට අමතක වෙලා. කෑ ගහපු කෑ ගැහිල්ලට අපි හිතුවේ කතාව ඉවර වෙන්න කළින් හාමුරුදුවෝ නිවන් යෑම කෙසේ වෙතත් හුස්මටික නම් යයි කියලා.
රතුපස්වල වෙඩි තියෙලා ඉස්කෝලේ ළමයි මරද්දි, කටුනායක වෙඩි තියලා රොෂේන් මරද්දි, හලාවත වෙඩි තියලා ඇන්ටනීලා මරද්දි බද්දේගම හාමුදුරුවෝ කොහෙද දන්නේ නෑ වැඩ හිටියේ.. අපේ හාමුදුරුවන්ට මිනිස්සු දන් දෙන්නේ බත්ද? නැත්නම් පුන්නක්කුද?

Post a Comment

 
Top