ඉදිරි මහ මැතිවරණයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිය ගෝලයන් පිරිසත් සමඟ තරඟ කිරීමට ගත් තීරණය නිසා කළ කිරුණු සන්ධාන මන්ත්‍රීවරුන් තිහක් පමණ පෙරමුණක් ලෙස තරඟ එක්සත් ජාතික පක්ෂය සමඟ තරඟ කිරීම සඳහා සිකුරාදා (10) පැවැත්වූ විශේෂ සාකච්ඡාව සාර්ථක වී ඇතැයි දේශපාලන ආරංචි කියයි.
මෛත්‍රී සමඟ රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආ රාජිත සේනාරත්න, අර්ජුණ අරණතුංග එම් කේ ඩී එස් ගුණවර්ධන ඉන් මුල් තැන ගන්නා බවත්, රාජපක්ෂ මහතාට නාමයෝජනා දුන් දා පටන් ඔවුන් එජාපය සමඟ සාකච්ඡා කළ බව ද එම ආරංචි සඳහන් කරයි.
ශ්‍රීලනිපයෙන් කැඩී එන පිරිස එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණ නමින් අලියා ලකුණින් ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
ජාතික හෙළ උරුමය ද එම ඊට එකතු වීමට පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී තිබේ.
සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයෙන් ලබා දුන් නාමයෝජනා ඉවත් කර ගැනීමට හැකි වුවහොත් ඔහු ද මේ පෙරමුණට එක් වනු ඇතැයි කියති.
සෙනසුරාාදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයේ දී මේ යෝජනාව ස්ථිර කර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම පක්ෂ ආරංචි කියයි.
මෛත්‍රී සමඟ පළමු දිනයේම රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආ දුමින්ද දිසානායක මහතා සන්ධානයෙන්ම තරඟ කරන බව කියති.
මෛත්‍රී ජනපති පොදු අපේක්ෂකයාව සිටිය දී සහාය දැක්වූ බොහෝ දෙනෙකු මේ පෙරමුණට සහාය දැක්වීමට නියමිතය. ඒ සඳහා වන විශේෂ සාකච්ඡාවක් සිකුරාදා (10) රාත්‍රී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ නගරාධිපති මුසම්මීල් මහතාගේ නිවසේ දී පැවැත්විණි.

Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.