9456049523_497a12df25_z
28.01.2015 
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,
වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගැමියන්ට වෙඩි තබා මරා දැමීම සම්බන්ධවයි
වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරියේ ජනතාවට යුද හමුදා භටයන් ලවා වෙඩි තබා දැනට වසර එක හමාරකටත් වැඩිය. සාමාන්‍ය ගම්වාසීන්  මෙන්ම මාධ්‍යවේදීන් ද එහි දී අපහසුතාවට පත් වූ අතර ගම්වාසීන්ට පහර දීම, තිදෙනකු වෙඩි තබා මරා දැමීම, තවත් විසි ගණනකට තුවාල සිදු කිරීම සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
තිදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළ අතර ඔවුන් එක් පාර්ශ්වයකට වාසි වන අන්දමට පරීක්ෂණ මෙහෙයවූ බව බැලූ බැල්මට පෙනී යයි.
ඔවුන්ගේ මෙහෙයවීම මත සාක්කි දුන් සහකාර පොලිස් අධිකාරී ජයලත් බලගල්ල සහ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි සාක්කි දුන් ආකාරය බොහෝ දෙනෙකුගේ හාස්‍යයට හේතු විය. ඒ ඔවුන් සිද්ධිය වසන් වන ආකාරයෙන් සාක්කි ලබා දුන් නිසාය.
සිද්ධියෙන් තුවාල ලැබූ සියලු දෙනාගේ ප්‍රකාශවත් කොළඹ අපරාධ කොට්ඨාසය සටහන් කර ගත්තේ නැත. පොලිසිය ප්‍රකාශ ගත්තේ ඔවුන්ට ඕනෑ කරන සාක්කි ඉදිරිපත් කරන පිරිසෙන් පමණි. අඩු තරමේ මාධ්‍යවේදීන්ගෙන් හෝ සාක්කි ගත්තේ නැත.
පැවැති පාලනයට බියේ සිද්ධිය ඇසින් දුටුවත් ප්‍රසිද්ධියේ කීමට ඉදිරිපත් නොවූවෝද බොහෝය. මෙවැනි හේතූ කාරනා රැසක් නිසා මෙම අපරාධය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාධීන අපක්ෂපාතී නිලධාරීන් පිරිසක් ලවා (වර්තමාන අධ්‍යක්ෂ රණවීර යටතේ නොවේ) සිදු කර වැරදිකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටිමු.
ඉහත පරීක්ෂණ දෙකේ දී පහත කරුණු ගැන ද අවධානය යොමු කරන්නේ නම් වැදගත් වනු ඇත.
  • හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජල ප්‍රශ්නය ගැන පැවැති රැස්වීමක ප්‍රතිඵලය දැනුම් දීමට හමුදාව ආ බවත්, එහිදී ගම්වාසීන් නොසන්සුන් වීම නිසා එම තත්ත්වය ඇති වූ බවත් එකල සමහරු කීහ. එය සම්පූර්ණ අසත්‍යකි. සිද්ධිය වූ දා හිටපු ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති අතර ඊට පෙර සියලු සාකච්ඡා ඵල රහිත වූ බැවින් ගම්වාසීන්ට විශ්වාසයක් තිබුණේ නැත.
මේ නිසා සාධාරණ විසඳුමක් ඉල්ලා කළ උද්ඝෝෂණය එදින පස්වරු 3.53 වන විට වැලිවේරිය පමණක් නොව බැලුම්මහර හංදියට ද පැමිණ තිබිණි. ඊට සුළු වේලාවකට පසු බයික්වලින් හා වාහනවලින්   හමුදාවේ පිරිසක් ආහ. බ්‍රිගේඩියර් වරයකු බැලුම්මහර දී සියලු දෙනාට විසිරී යන ලෙස පැවසූ අතර ගම්වාසීන් තමන්ගේ ඉල්ලීම් ඔහු වෙත ඉතිරිපත් කරන්නට ගත් පසු ගම්වාහීන්ට පහර දුන්හ. පස්වරු 5.11 වන විට බලුම්මහර සිටි පිරිසට පහර දී හමුදාව වැලිවේරියට දෙසට යමින් සිටි අතර ලංකාදීප එසැණ වෙබ් අඩවිට එය එම වේලාවේම වාර්තා කර තිබිණි. එකල යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකව සිටි බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට ඒ බව දැන්වූ විට ඔහු ලංකාදීප එසැණ වෙබ් අඩවියට කියා තිබුණේ ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙද්දී පාර හරස් කර විරෝතාවය පෑම නීරි විරෝධී බවයි.    එනම් හමුදාව පහර දෙන මොහොත වන විටත් රැස්වීම අවසන්වී නැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයෙන්ම තහවුරු වේ.
  • එම ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු හමුදා පිරිස වැලිවේරියට ද ගොස් ප්‍රහාර එල්ල කළහ. ආරක්ෂක ලේකම් සමඟ පැවැති රැස්වීම අවසන් වූයේ පස්වරු 6.30ට පමණය. ආරක්ෂක ලේකම්ගේ තීරණය දැනුම් දීමට හමුදාව පැමිණියා කීම සම්පූර්ණ අසත්‍යයකි.
  • උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කර අවසානයේ වෙඩි තැබූ බව ද සමහරු කියති. එය ද සම්පූර්ණ අසත්‍යයකි. හමුදාව මුලින්ම කළේ වෙඩි තැබීමයි. අතුරු මාර්ගවල දුවන ගම්වාසීන්ට පවා අතුරු මාර්ගවල එළවාගෙන ගොස් වෙඩි තැබීය. අතුරු පාරවල්වල තිබූ ගෙවල්වල සහ බිත්තිවල වෙඩි සලකුණු තිබිණි. එකළ විමර්ශන කළ පිරිස ඒවා මග හැර ඇත.
  • කතෝලික දේවස්ථානය (පල්ලිය) තුල වෙඩි තැබීමක් සිදු නොවු බව පුණ පුණා කීවත් පල්ලියේ වෙඩි වැදීමකින් තුවාල වූවකු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර ඔහුගේ ප්‍රකාශ එකළ මාධ්‍ය වල පළ විය. පල්ලිය තුල වෙඩි තැබීමක් සිදු නොවූයේ නම් පල්ලියේ වෙඩි සලකුණු තිබුණේ කෙසේද? පොලිස් සොකෝ නිලධාරීන් පල්ලිය තුළට ගොස් වෙඩි වැදුණු තැන් ගැන විමර්ශන කළේ ඇයි? (ඡායාරූප ඇත)
  • වෙඩි තැබීම සිදුවූ රාත්‍රියේ පැය ගණනක් වන තුරු වැලිවේරිය නගරයට කිසිවකුට ඇතුළු වීමට ඉඩ නොලැබුණු අතර පැය ගණනක් සම්පූර්ණ පාලනය හමුදාව යටතේ පැවැතිණි. එදින රාත්‍රී පොලිස් සොකෝ නිලධාරීන් විමර්ශන ඇරැඹූහ. ඒ අතර ජල බවුසර ගෙනැවිත් පාරා හෝදා හැරීය. (ඇසින් දුටු පිරිස් සිටිති) බුලට් අහුලා ගත්තේය. මහේස්ත්‍රාත්වරයා එක්කාගෙන ආවේ පසුව නිර්මාණය කළ පරිසරයකටය.
  • උද්ඝෝෂකයන් පෙට්‍රල් බෝම්බ ගැසූ බව ද පොලිසියේ සමහරු කීහ. එය සම්පූර්ණ අසත්‍යයකි. එතැන සිටියවුන් පෙට්‍රල් බෝම්බ නොගැසූහ. පෙට්‍රල් බෝම්බ ගැසුවේ නම් ඒවායේ කොටස් ප්‍රදේශයේ වැටී තිබිය යුතුය. නමුත් විමර්ශන කණ්ඩායම් පෙට්‍රල් බෝම්බ කොටස් සොයා ගත්තේ නැත. ඒවා නඩු භාණ්ඩ ලෙස නම් කළේ ද නැත.
  • එමෙන්ම උද්ඝෝෂකයන් වෙඩි තැබූ බව කීමද අසත්‍යයකි. උද්ඝෝෂකයන්ගේ ඡායාරූප හොඳින් නිරීක්ෂණය කරද්දී පෙනී යන්නේ ඔවුන් අත කිසිවක් නැති බවයි.
පොලිසියේ කිහිප දෙනකු කීවේ මෙම සිද්ධියට සෘජුවම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සම්බන්ධ බවය. අපරාධ සාක්කි විනසා කිරීමට ද ඔවුන්ගේ උපදෙස් ලැබී ඇත.
  • එක් පාසල් සිසුවකුට වෙඩි වැදී තිබුණේ අතුරු මාර්ගයක දුව යද්දීය. ඔහුට වැදුණු තැන නිවසේ ගේට්ටුවේ ද වෙඩි සලකුණු තිබිණි. තවත් තුවාල ලැබූවකු ප්‍රකාශ කළේ හමුදා භටයන් තමන්ගේ ගෙල පෑගූ බවයි. හමුදා භටයන් ගෙවල්වලට ගොස් ගෙවල් වල සිටියවුන්ට පවා පහර දුන්හ. පොලිසිය තුළට ගොස් පොලිසියේ සිටි ගමියන්ට ද පහර දුන්හ.
  • ප්‍රහාරයට පැමිණි හමුදාවේ පිරිස විවිධ අකාරයේ නිල ඇඳුම්වලින් සිටිති. ඔවුන් කුමන රෙජිමේන්තුවකට අයත්ද යන්න සහ එක් පුද්ගලයකුගේ හිතවත්කම් මත කැඳවූ පිරිසක් ද යන්න සෙවිය යුතුය.
ඉහත දැක්වූ කාරණ ගැන විමර්ශනයේ දී අනාවරණය කරන්නේ නම් සත්‍ය තොරතුරු රැසක් හෙළි වනු ඇත. සිද්ධිය ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ හා තුවාල ලැබූවන් පිළිබඳ විස්තර ඡායාරූප ද සහිතව මේ සමග ඉදිරිපත් කරමු. දින සියය ඇතුළත විමර්ශන පවත්වා වැරදිකරුවන්ට ද දඩුවම් දෙනු ඇතැයි අපි බලපොරොත්තු වෙමු.
මීට,
ගම්වාසීන් පිරිසක් සහ මාධ්‍ය වේදීහු පිරිසක්
ඇමුණුම් -
001 ඡායාරූප
002 සාක්කි සටහන් කර ගත යුතු වැදගත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව
003 වීඩියෝ දර්ශන
ඡායාරූප විස්තර -
01 සිට 05 දක්වා  බැලුම්මහර  දී ජනතාවට පහර දුන් අයුරු සහ පැමිණි පිරිස
06 සිට 08 දක්වා  වැලිවේරියේ හමුදා ප්‍රහාරයට මොහොමතට පෙර (ආණ්ඩු විරෝධී පිරිසක් උද්ඝෝෂණ කළ බව එකල ආණ්ඩුව කීවද සැබෑ ලෙසම එතැන සිටියවුන් ඉල්ලුවේ පිරිසිදු පානීය ජලයයි. බෝඩ් ලෑලිවල ගසා ඇති  පඨවලින් ඒ බව තහවුරු වේ. ඔවුන් අත ආයුධ හෝ පෙට්‍රල් බෝම්බ ද නැත.)
09 සිට 15 දක්වා යුද හමුදාව වැලිවේරියට පැමිණි අයුරු සහ ප්‍රහාරයට සූදානම් වන අයුරු (තමා එතැන සිදුවූ සියල්ල දුටු බව කියන සහකාර පොලිස් අධිකාරී ජයලත් බලගල්ල එතැන නැත. )
16 සිට 18 දක්වා පල්ලියේ වෙඩි තැබීම ගැන පොලිස් සෝකෝ අංශය පරීක්ෂණ කරමින්. (ලේ සලකුණුද ඇත)
19 සහ 20 පසු දින උදෑසන ද වැලිවේරියේ සාක්කි විනාශ කිරීමට යුද හමුදාව සිටි අයුරු
21 වෙඩි වැදී මිය ගිය සිසුවකුගේ නළලේ සීරීම් හා තැලුම් තුවාල සලකුණු
22 සිට 31 දක්වා අගෝස්තු 03 වැනි දා වන විටත් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලැබූ පිරිසෙන් කොටසක්
rathupaswala rathupaswala2 waliwriya weliweriya_CI weliweriya1 weliweriya-protesters-with-handwritten-placards-one-says-nadungamuwa-raja-a-tusker-honored-by-carrying-dalada-karaduwa-that-was-stationed-in-close-proximity-stopped-drinking-well-wat
තුවාල ලැබූවන්ගෙන් කොටසක්... (පාසල් සිසුන්ද ඇත)
P1140019 P1140016 P1140014 P1140010 P1140009 P1140008 P1140005 P1140002 P1130998 P1130997 P1130995 P1130991 P1130984
වෙඩි වැදී මිය ගිය පාසල් සිසුවකු... (වෙඩි වැදී මිය ගිය සිසුවාගේ මුහුණු ඇති තැලුම් සලකුණු මොනවාද? වෙඩි තැබීමට පෙර පරහ දී ඇත්ද?)
P1130967 P1130966 P1130965
තුවාල ලැබූ මාධ්‍යවේදිනිය ( අද වන තුරු ඇගෙන් ප්‍රකාාශයක් හෝ සටහන් කර ගෙන නැත)
P1130940
පල්ලියේ වෙඩි සලකුණු සහ ලේ සලකුණු (පොලිසියෙන් කීවේ පල්ලියේ වෙඩි තැබීමක් වී නැති බවයි. එහෙනම් පල්ලියේ සොකෝ පරීක්ෂණ කළේ මොකටද දන්නේ නෑ)
DSCF8881 DSCF8875 DSCF8874 DSCF8872 DSCF8871 DSCF8870 DSCF8869
(දවස් ගණනක් උද්ඝෝෂණ කරද්දී සිද්ධිය ගැන සොයා නොබැලූ බස්නාහිර පළාත් සභා සභාපති සහ ගම්පහ ප්‍රාදේශීය සභාපති වෙඩි තැබීමට පසු දින මළ ගෙදරට ඇවිත්)
DSCF8868 DSCF8863
වැලිවේරියේ වෙඩි තැබීමෙන් පසු...
DSCF8849 DSCF8841 DSCF8838 DSCF8833 DSCF8830 DSCF8829 DSCF8828 DSCF8827 DSCF8826 DSCF8818

Post a Comment

 
Top