මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් ඉදිරිපත් වන පිරිසට අමතරව රාජපක්ෂ විරෝධී තව පිරිසන් සන්ධානයෙන්ම ඉදිරිපත් වී සිටිති.
එම පිරිස කෙළෙස හෝ පැරදවීමට මහින්ද හිතවාදී කණ්ඩායම මහ ඡන්දයේ දී දැඩි උත්සාහයක් ගන්නා බවත්, දැනටමන් ඊට පිඹුරුපත් සකසන බවත් දැනගන්නට තිබේ.
හදිසියේ ඇතිවූ හෘද්ධයාබාධයක් නිසා සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඉරිදා (13) සන්ද්‍යාවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබූ අතර ඊට ටික වේලාවකට පෙර ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ටයෙන් වන ෆීලික්ස් පෙරේරා ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි සන්ධාන ආරංචි සඳහන් කරයි.
සන්ධානයේ හිටපු ප්‍රභලයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ බිරිය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ද ඉරිදා සවස නාමයෝජනා අත්සන් නොකර අපසු පැමිණ ඇති අතර ඇය ද සන්ධානයේ බලධාරීන් සමඟ දැඩි ලෙස සංවාධ කරගෙන තිබේ. ඇගේ ආසනයෙන් ඇය කපා දැමීමට විමල් වීරවංශගේ, තිස්ස විතාරණගේ හා උදය ගම්මන්පිලගේ ගෝලයන් ඇගේ ආසනයෙන් ඉදිරිපත් කිරීමට ඊට හේතුවයි. එම ගැටළුව යන්තම් විසඳුණු නිසා පෙරදින රාත්‍රී නැවත ගොස් ඇය නාමයෝජනා අත්සන් කර තිබේ.
ශ්‍රීලනිපයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රභලයන් වන ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, ලසන්ත අලගියවන්න සහ සුදර්ශනී ප්‍රණාන්දු පුල්ලේ ඇතුළු පිරසක් ඉවත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නේ ප්‍රසන්න රණතුංග බව දැනගන්නට ඇත.
ශ්‍රීලනිපයේ මේ අර්බුධය අද (13) නාමයෝජනා දෙද්දී ද එළියට ආවේය.
ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, ලසන්ත අලගියවන්න සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ නාම යෝජනා බාර දීමට කච්චේරියට ආවේ වෙනමය. නාමයේාජනා බාර දී කච්චේරියෙන් පිටව ගියේත්, මාධ්‍යයට අදහස් දැක්වූයේත් වෙනම කණ්ඩායමක් ලෙසය. මහ ඇමැති ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා ඇතුළු කිහිප දෙනෙක් තවත් කණ්ඩායමක් ලෙස සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොවන මේ අවුල සෑම දිස්ත්‍රික්කයකම පාහේ ඇතැයි කියති.
උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයේ මෛත්‍රී හිතවාදීන් කපා දැමීමට දැඩි වෙහෙසක් ගනී.
නාමයෝජනා බාර දීමට කණ්ඩායම් නායකයා යෑම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් කුරුනෑගල සන්ධාන නාමයෝජනා බාර දීමට එම දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ ගියේ නැත.
ෆීලික්ස් පෙරේරා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නන්දිමිත්‍ර ඒකනායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පණ්ඩු බණ්ඩාරනායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, පේෂල ජයරත්න, ප්‍රසන්න සෝලංගආරච්චි, එස් බී දිසානායක ඇතුළු පිරිසක් ඡන්දෙන් පසු නැවත මෛත්‍රීට එකතුවෙතියි සිතන මහින්ද පාර්ශ්වය ඔවුන් ඡන්දයෙන් පරදවා තම හිතවතුන්ට තැන ලබා දීමට වෙහෙසෙති.
10 12

Post a Comment

 
Top