ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල එක දෙක එද්දී පරාජයේ අඳුරු සේයා පෙනෙද්දී මහින්ද, ගෝඨා, මොහාන් පීරිස් ඇතුළු පිරිස කොළඹට යුද හමුදාව කැඳවා හදිසි තත්ත්වයක් ඇති කර මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවා තවදුරටත් බලයේ සිටින්නට නටන්නට ගිය නාඩගම වැළැකී ගියේ මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිසියේ සෘජු වැඩ පිළිවෙළ නිසාය.
එම ‘ප්ලෑන‘ අවුල් වී ගිය පසු ‘හොඳ උපාසක මහත්තයා‘ වගේ මහින්ද අරලිය ගහ මැදුරෙන් නික්මී මැදුමලනට ගියේය. එතැන් සිට ඔහු උත්සාහ කළේ ශ්‍රීලනිපයේ සහ සන්ධාන නායකත්වයේ දිගටම රැඳී ඉන්නටය. ශ්‍රීලනිපයෙන් කොටසක් කැඩී මෛත්‍රී ළඟට යෑමෙන් පසු ඇතිවූ තත්ත්වය නිසා සභාපතිකම මෛත්‍රීට භාර දෙන්නට මහින්දට සිදු විය. මහින්දගේ ඒ ප්ලෑනත් වතුරේ ගියේය.
ඉන් පසු පන්සල් ගානේ යමින් මනෝ විකාරයෙන් මෙන් දොඩවන්නට විය. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවා හොරුන්, වංචා කාරයන්, මංකොල්ලා කාරයන්, දූෂිතයන් අල්ලටන්ට පටන් ගැනීමත් සමඟ එය විසිදුරුවා හරින්නැයි මහින්ද තමන්ගේ සහචරයන් ලවා ජනපතිට ඉල්ලීමක් කළේය. මෛත්‍රී එය එක හෙළා ප්‍රතික්ෂේප කළ නිසා මහින්දගේ ඒ ප්ලෑනත් වතුරේ ගියේය.
මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති පරිදි 19 වැනි අංශෝධනය ගෙනවුත් ජනපතිවරයකුට ඕනෑම වාර ගාණනක් තරග කිරීමට ඇති අවස්ථාව ඇතිළු බලතල කිහිපයක් කප්පාදු කරන්නට මෛත්‍රී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ගත් උත්සාහ ව්‍යර්ත කිරීමට බොහෝ දෑ කළේය. තම හෙංචයියන් දමා විවිධ කොන්දේසි ගෙන ආවේය. මහින්දගේ ඒ ප්ලෑනත් අවුල් වී වැඩි ඡන්ද දෙසිය ගණනකින් 19 සම්මත විය.
ඉන් පසු මහින්ද හැදුවේ තමන්ට වාසි වෙන වට පිටාවක් හැදෙන තුරු මහ මැතිවරණය පැවැත්වීම වැළැක්වීමයි. ඒ සඳහා විවිධ උපක්‍රම යෙදූවත් අවසානයේ මහින්දගේ ඒ ප්ලෑනත් වතුරේ ගියේය.
මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු මහින්ද ප්ලෑන් කළේ තමන් කුරුණෑගලින් එද්දී ගේඨාභය ගම්පහින්ද, නාමල් හම්බන්තොටින්ද, බැසිල් හා චමන් ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට ඒමය. වෙනම මහ මැතිවරණයකට තරඟ කිරීමට අපේක්ෂක ලැයිස්තු ද සෑදීය. තමන් කෙසේ හෝ සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස ජනපති ලවා නම් කරවා ගැනීමට උත්සාහ කළේය. අන්තිමේ මහින්දගේ ඒ ප්ලෑනත් වතුරේ ගියේය.
මහින්ද කිසිසේත් නොසිතන වෙලාක මෛත්‍රී කට ඇරියේය. ඒ සන්ධාන ලැයිස්තුවට මෛත්‍රීගේ පිරිසගේ නම් ද ඇතුළත් කර ගන්නා තුරු බලා සිටය. මෛත්‍රී මහින්දට හිටු කියා පහර දුන්නේය. එම පහර කැමෙන් රිදුම් ඉවසා ගත නොහැකි වූ මහින්ද තම ගෝලයන් ලවා ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව බදාදා (16) රාත්‍රී රැස් කරවා පක්ෂ සභාපතිත්වයෙන් මෛත්‍රී ඉවත් කර නැවත තමාම නායකත්වයට ඒමේ කුමන්ත්‍රණයක් දියත් කළේය. පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සභාපති වන මෛත්‍රීගේ අනුදැනුමකින් තොරව මධ්‍යම කාරක සභාව රැස් කළ නොහැකි නිසා පක්ෂ ලේකම්ට හිතුමතේ මධ්‍යම කාරක සභාව රැස් නොකරන ලෙසට නියෝගයක් ඉල්ලා ප්‍රසන්න සෝලංගආරච්චි ගොනු කළ පෙත්සමක් අනුව මධ්‍යම කාරක සභාවට වාරණයක් ද ආවේය. මහින්දගේ ඒ ප්ලෑනත් වතුරේ ගියේය.
තව ප්ලෑන් කීයක් ගැසුවත් ඒ සියලු ප්ලෑන් ද පෙර ප්ලෑන් මෙන්ම වතුරේ යෑම ස්ථිරය.
Sri Lanka President Mahinda Rajapaksa listens during a press conference during the Commonwealth Heads of Government Meeting (CHOGM) in Colombo on November 16, 2013.  Britain's David Cameron put Sri Lanka on notice to address allegations of war crimes within months or else he would lead a push for action at the UN.  AFP PHOTO/ISHARA KODIKARA
photo by Ishara Kodikara

Post a Comment

 
Top