images
යාපනයේ දී පාසල් සිසුවියක කෙළෙසා මරා දැමීමේ සිද්ධියෙන් යාපනය පමණක් නොව මුළු රටම කැළැඹී ගියේය. පොලිසිය පක්ෂ පාතී බව කියමින් යාපනයෝ වැසියන් ඇරැඹූ උද්ඝෝෂණය අවසන් වූයේ අධිකරණය ගල් ගැසීමෙනි. අධිකරණයට ගල් ගැසීම ගැන සැකපිට 150කට ආසන්න පිරිසක් රිමාන්ඩ් කරනු ලැබූහ. ඉන් තිස් ගණනක් තවමත් සිටින්නේ රිමාන්ඩ් බාරයේය.
මොනම හේතුවක් මත හෝ අධිකරණයට ගල් ගැසීම සාධාරණී කරනය කල නොහැකිය. කිසිසේත් අනුමත කළ නොහැක.
මිනිසුන් පාරට බහින තැනට වැඩ කළේ කවුද? යාපනයෙන් ආරංචි වන ආකාරයට කතාව මෙසේය.
සිසුවිය කෙළෙසූ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන සිවකුමාර් අල්ලාගත් ගම්වාසීහු ඔහු ගස් බැඳ පහර දුන්හ. ඔහුට සම්බන්ධ නීතීඥවරයකු ඒ ගැන යාපනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට කීහ. මේ කියන නීතීඥවරයා විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයකුද වෙයි. ලලිත් ජයසූරිය ඔහුගෙන් ඉගෙන ගෙන ඇති බව ද කියති. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ ගැන යාපනය පොලිසියට දැන්වීය.
නීතීඥවරයා සමග ගොස් සැකකරුවන් පොලිසියට ගෙන එන ලෙස දැන්වීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීම අනුව උප පොලිස් පරීක්ෂක සිරිගජන් සහ පොලිස් කොස්තාපල් අශෝක සැකකරු ගෙන ඒමට ගියහ. ඒ නීතීඥවරයා ද සමගිනි.
සැකකරු පොලිසියට ගෙන ආ පසු ඔහුට කුමක් කරන්නේදැයි පොලිසියට ගැටළුවක් විය. උප පොලිස් පරීක්ෂක ඒ ගැන මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ උපදෙස් පැතීය. මූලස්ථාන පොලිස් පරීක්ෂක ඒ ගැන සහකාර පොලිස් අධිකාරී (1) ගෙන් උපදෙස් පැතීය. සහකාර පොලිස් අධිකාරී කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගෙන් උපදෙස් පැතීය. ඔහු නියෝජ්‍ය පොලිස්පතගෙන් උපදෙස් පැතීය. අවසානයේ නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් උපදෙස් පැතීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත උපදෙස් දුන්නේ සැකකරුට ගම්වාසීන් පහර දුන් බවට විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් සටහන් කරගෙන මුදා හරින ලෙසයි. ඉන් පසු යාපනය පොලිසිය උසස් පොලිස් නිලධාරියාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් සටහන් කරගෙන සැකකරු මුදා හැරීය.
ඔහු ඉන් පසු පලාලි හරහා රත්මලානට ආ බව කියති. ඉන් පසු වැල්ලවත්තට ගියේය.
පොලිසියට අල්ලා දුන් සැකකරු මුදා හැරීම ගැන ප්‍රදේශවාසීහු පොලිසියට විරෝධය පළ කළහ. විරෝධය දරුණු විය. මේ අතර වැල්ලවත්තේ මූලස්ථාන පොලිස් පරීක්ෂකට ලද තොරතුරකට අනුව ඔහු පොලිසියට ගෙන ආවේය. තොරතුර ලැබුණේ කොහෙන්දැයි නොදනී. ඉන් පසු වැල්ලවත්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක වුඩ්ලර් ඔහු යාපනයට දැන්වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලැබිණි. සැකකරු අත්අඩංගුවට පත් විය
සැකරකු මුදා හැරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මුදල් දුන් බවට තවත් කතාවකි.
මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය පොලිසිය සොයා බැලිය යුතුය.
යාපනයේ සිද්ධියෙන් පසු ප්‍රදේශයේ පොලිස් ලොක්කන් ද, යාපනය පොලිසියේ සියලු නිලධාරීන්ද ස්ථාන මාරු කළත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක් ලැබුණේ නැත.
කියන ආකාරයට සැකකරු මුදා හැරියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ කීමට නම් තත්ත්වය මොන තරම් බරපතලද?  පොලිස් විමර්ශන ගැන අප පලා සිටිමු.
mahalingam-sivakumar-the-pungudutheevu-rapist-source-lankaenews-com

Post a Comment

 
Top